වීසා නැතුව සිටි ඉන්දීය ජාතිකයින් 3ක් අත්අඩංගුවට

Share

වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි තවත් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ඊයේ (06) දින පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් පුත්තලම – කල්අඩිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන යකඩ කර්මාන්ත ශාලාවක සේවය සඳහා මෙරටට පැමිණ සිට ඇති බව වාර්තා වේ.

ඔවුන්ට මෙරට රැදී සිටීම සඳහා නිකුත් කර තිබූ වීසා බලපත්‍ර කල් ඉකුත් වී ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් තිදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read more

Local News