වන අලි ප්‍රහාරයකින් වැල්ලවායේ විහාරස්ථානයකට දැඩි හානි – ඡායාරූප

Share

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආනපල්ලම ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට අද (07) උදෑසන 5.00ට පමණ සිදුවූ වන අලි පහර දීමකින් විහාරස්ථානයට දැඩි ලෙස හානි සිදු වී තිබේ.

 

ඊයේ (06) රාත්‍රි කාලයේ ගම්වැදුනු වන අලි අද උදෑසන මෙම පහර දී සිදුකර ඇති අතර ප්‍රහාරයෙන් විහාරස්ථානයේ ආවසගෙට සහ ඉදිරිපස මඩුවකට දැඩි ආලාභහානි සිදුවී ඇත.

වන අලි විසින් පහරදීම සිදුකරන අවස්ථාවේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් වැඩ වාසයකර සිට ඇති අතර ඔවුන්ගේ ජීවිත බේරී ඇත්තේ අනූනවයෙන් බව සිද්ධිය දුටුවන් පවසති.

මෙම ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස එල්ල වී පවතින අතර පසුගිය දින කිහිපය තුළ පුද්ගලයන් දෙදෙනකුට වන අලි පහර දී ඇත.

බරපතළ තුවාල ලබා මේ වන විටත් ඔවුන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර නිවාස, වගාවන් සහ දේපල රැසක් ද වන අලි විසින් විනාශ කර ඇත.

මෙම වන අලි ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරින්ගෙන් ඉල්ලීමක් කර සිටි.

 

Read more

Local News