වව්නියාව, ඕමන්ත ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රියේ සිදුවු යතුරුපැදි අනතුරකින් යුද හමුදා සෙබළෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.
ඕමන්ත දෙස සිට වව්නියාව දෙසට ගමන්ගත් යතුරුපැදියක් මාර්ගයේ ගමන්ගත් ගවයෙකුගේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
අනතුරින් වයස අවුරුදු 41ක් වු කැලේගම, අවුලේගම පදිංචි එම්.එම්.සමන් කුමාර මදුරසිංහ නමැති පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ මළ සිරුර වව්නියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
ඕමන්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



