ඇති හැකි දරුවන්ට හිමි අයිතිවාසිකම්, වරප්‍රසාද නැති බැරි දරුවන්ටත් දෙන්න කැපවෙනවා – බන්දුල

Share

ඇති හැකි දරුවන්ට හිමිවන සියලු අයිතිවාසිකම් සහ වරප්‍රසාද නැති බැරි දරුවන්ටද ලබාදීමට කැපවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

ඔහු මේ බව සඳහන් කළේ සීදූව ප්‍රද‌ේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා කියා සිටියේ, ජාතික විශ්ව විද්‍යාල පද්ධතිය තුළ දීර්ඝ කාලයක් පුරා සෑම රජයක් ඔස්සේ සංවර්ධනය වුවත් විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගත හැකි උපරිම ප්‍රමාණය 30000 ක් වු බවයි.

එක් ලක්ෂ අසු එක්දාහකින් එවැනි සංඛාවක් ඇතුළත් කර ගැනීමෙන් අනතුරුව අනෙක් සියලු දෙනාගේ ජීවිත නරක අතට හැරෙන බවද අමාත්‍යරයා මෙහිදී පැවසීය.

එය මුළු ජීවිතයටම බලපාන කරුණක් වන බවත් පැවසු ඒ මහතා, මේ හේතුවෙන් අධ්‍යාපනය තුළ විශාල වශයෙන් ප්‍රමාණාත්මක හා ගුණාත්මක වෙනස්කම් සමුදායක් සිදුවිය යුතු බවත් ඉන්න උගතුන්ට සරිලන රැකියා නොමැති නම් අවශ්‍ය රැකියා සඳහා උගතුන් බිහි නොකරන්නේ නම් එහි ප්‍රශ්නය ඇත්තේ අධ්‍යාපනය ක්‍රමවේදය බවද කියා සිටියේය.

ඒ නිසාවෙන් ජනාධිපතිවරයා විසින් මෙවර සිට උසස් පෙළ විභාගය සමත් වෙන සරසවි සුදුසුකම් ලබන සියලු දෙනාට උසස් අධ්‍යාපනය සඳහා ඵලදායි ලෙස යොමු කරන බවට පොරොන්දු වී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News