ආණ්ඩුවට දේශපාලන වශයෙන් හීලෑ නොවන විපක්ෂයේ දේශපාලනඥයින් මර්දනය කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
රත්නපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියා සිටියේ මෙරට අධිකරණය තම රජය තුළින් ස්වාධීන කළ බවයි.
එමෙන්ම පොලිස් සේවය ද ස්වාධීන කළ බව පැවසු මන්ත්‍රිවරයා අද දවසේ යුක්තිය හඹා නොගොස් පුද්ගලයින් හඹා යෑමක් සිදුවන බවත් පැවසීය.
පසුගිය කාලයේ මේ රටේ විසඳනු ලැබූ අපරාධ සම්බන්ධයෙන් නැවත විමර්ශන ආරම්භ කිරීම සඳහා එම විමර්ශනවල නියැලී සිටි පුද්ගලයින් පසුපස පවා හඹා යන ආකාරය දක්නට ලැබෙන බවද මන්ත්‍රිවරයා කියා සිටියේය.
අර්ජුන් මහේන්ද්‍රන් වැනි අය පැය 24 න් අල්ලන බව මැතිවරණ කාලයේ වත්මන් රජය විසින් පැවසු බව අද මතකයට නැගෙන බවත් පැවසු ඒ මහතා, අද වන විට එවැනි දේ නොව තමන්ට දේශපාලනික වශයෙන් හිලෑ කර ගැනීමට අපහසු පිරිස් මර්දනය කිරීම බවත් පැවසීය.
රංජන් රාමනායක මහතාගේ සිදුවීම තුළින් ඒ බව පෙනී යන බවත් පැවසු මන්ත්‍රීවරයා, ඉදිරියේ දීත් මෙවැනි දේ සිදුවනු ඇති බවත් කියා සිටියේය.
නමුත් “මර්දනයෙන් අපේ ගමන නවත්වන්න බෑ“ යනුවෙන් පැවසු මන්ත්‍රීවරයා යුක්තිය ඉටු වෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පැවසීය.



