අමෙරිකානු හමුදාව ත්‍රස්ත සංවිධානයක් – ඉරානය

Share

අමෙරිකානු හමුදාව, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.

 

ඉරානය මෙම ප්‍රකාශය නිකුත් කළේ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හදිසි යෝජනාවක් සම්මත කරගනිමිනි.

අමෙරිකාව ඉරාකයට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ කුඩ්ස් බලකායේ අණ දෙන නිලධාරී ජෙනරාල් සොලෙයිමානි මිය යාමෙන් පසුව ඉරානය මෙම පියවර ගත් බව එරට විදෙස් වාර්තා සඳහන් කරයි.

Read more

Local News