රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ විදේශ ගමන් වළක්වාලමින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු අමාත්‍ය රංජන් රාමනායක මහතා ගේ දුරකථන සංවාදවලට අදාළ හඬ පට සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කරන ලද කරුණු වාර්තා කිරීමෙන් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබිණි.