කොළඹ- ලන්ඩන් ගුවන් ගමන් සිදුකිරීමේදී ඉරාක හා ඉරාන ගුවන් සීමා අත්හරිමින් පියාසර කරන බව ශ්රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
ශ්රී ලංකන් ගුවන් සේවය පර්සියානු ගල්ෆ් කලාපයේ පවත්නා ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන්, ආරක්ෂක පියවරක් ලෙස මෙය සිදු කර ඇති බව සඳහන්.
ඉරානයේ සහ ඉරාකයේ ගුවන් කලාපය ආසන්නයෙන් ගමන් කිරීම වළක්වා ගැනීමේ අරමුණින් මෙලෙස ගුවන් ගමන් මාර්ගය වෙනස් කර තිබේ.



