වසරේ පළමු චන්ද්‍රග්‍රහණය දුරුතු පොහොය දා

Share

මෙම වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසලොස්වක දින රාත්‍රියේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

 

සූර්යයා සහ චන්ද්‍රයා අතරින් පෘථිවිය පිහිටන විට පෘථිවියේ සෙවනැල්ල සඳ මතට පතිත වීම ඇරඹීමත් සමඟ මෙය සිදුවන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

මෙම ග්‍රහණය ඡායා චන්ද්‍රග්‍රහණයක් වන අතර ලංකාවේ සම්මත වේලාවෙන ජනවාරි 10 රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට (අඩ අඳුරු සෙවනැල්ල) ඇතුළුවීමත් සමඟම ග්‍රහණය ආරම්භ වෙයි.

ග්‍රහණය 11 දින අළුයම 2.42 ට අවසන් ‌වෙයි.

උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 ට බව ද මහාචාර්යවරයා පවසයි.

Read more

Local News