රංජන්‌ගේ ක්‍රියාකලාපය ගැන විධිමත් පරීක්ෂණයක් සිදුකරන්න අවශ්‍යයි

Share

රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය තුළින් රටේ වැදගත් ක්ෂේත්‍ර කෙරෙහි පළුදුවී ඇති ජනතා විශ්වාසය යළි ඇති කරවිය හැකි ආකාරයේ විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

 

අද (08) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හඬ පට තුලින් සිදු වී ඇත්තේ ජනතාව බියට පත් වීමක් සහ වගකිව යුතු රටේ ප්‍රධාන ක්ෂේත්‍රයන්හි විශ්වාසය පළුදු වීමක් බවයි.

මෙම තත්ත්වය රටටකට සරල කාරණයක් නොවන බවත් එය මැඩපැවැත්වීම සඳහා සමාජ ශෝධනයක් සිදු කළ යුතු බවත් වීරකුමාර දිසානායක මහතා පැවසීය.

අධිකරණ පද්ධතිය සහ අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තුව පිළිබඳ ඇති විශ්වාසය සහමුලින්ම කඩා දමා ඇති බවත් එව සාපරිදි ක්‍රියාවක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

Read more

Local News