රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයට එරෙහිව සිදුකළ පැමිණිලි කිසිවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනය සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
අද (08) පෙරවරුවේ වත්මන් රජයේ අමාත්‍යවරු 13 දෙනෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළකරමින් ඔහු මේ බව සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුව විසින් රාජ්‍ය මුදල් රුපියල් බිලියන 1500ක් අවභාවිත කර ඇති බවට චෝදනා කරමින් 2016 වසරේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සිදුකළ පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන ආරම්භ කරන ලෙස ඉල්ලා වත්මන් රජයේ අමාත්‍යවරු සහ රාජ්‍ය අමාත්‍යවරු 13 දෙනෙකු අද පෙරවරුවේ එම කොමිෂන් සභාවට පැමිණියේය.



