රත්ගම දී දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Share

රත්ගම විජයරත්න මාවත, දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ ගැටී අද (08) උදෑසන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

දුම්රිය හරස් මාර්ගයේ දී මාතර සිට මරදාන බලා ධාවනය වු දුම්රියට මෙම කාන්තාව ගැටී ඇති බව සඳහන්.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 84 ක් වු විජයරත්න මාවත, ගම්මැද්දගොඩ, රත්ගම ලිපිනයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති අතර රත්ගම පොලීසිය විමර්ශන සිදු කරයි.

Read more

Local News