නුවරඑලිය පාසලක ළමුන් පිරිසකට බඹර ප්‍රහාරයක්

Share

නුවරඑලිය නගරයේ ජාත්‍යන්තර පාසලකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු පාසල් සිසු සිසුවියන් 42 ක් සහ ගුරුවරුන් තිදෙනෙක් නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

 

පාසල නිම වි සිසුන් පිරිසක් පාසල් ක්‍රිඩාංගණයේ සෙල්ලම් කරමින් සිට ඇති අතර ඔවුන් සතුව තිබු පන්දුවක් පාසලේ බැඳ තිබු බඹර කුඩුවක් මතට වැදීමෙන් බඹරුන් ඇවිස්සි පාසල් ළමුන්ට පහර දි ඇති බව නුවරඑලිය ‌පොලිසිය පවසයි.

බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත්, පාසලේ ගොඩනැගිල්ලක් මත බැඳ තිබෙන බඹර කුඩුව ඉවත් කරන ලෙසට නුවරඑලිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට නුවරඑලිය පොලිසිය දැනුම් දිමක්ද කර ඇති බව වාර්තා වේ.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් නුවරඑලිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News