රංජන්ගෙන් මෝසමක්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් බාරයට ගත් දුරකථන සංවාද ඇතුළත් හඬපට මාධ්‍යට නිකුත් වීම සම්බන්ධයෙන් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

 

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත මෙම මෝසම පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිතීඥවරිය විසින් අද (08) ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් සීඩි පඨ ජනමාධ්‍යයේ වාදනය වන්නේ කෙසේද යන්න ගැටළුවක් බවට අද දින අධිකරණයට දැනුුම් දුන්නේයැයි රංජන් රාමනායක මහතාගේ නිතීඥවරිය වන ආශා කහවත්ත මහත්මිය මෙහිදී සඳහන් කළාය.

Read more

Local News