හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද (09) දින ලබා දී ඇත.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී
ලෙස පැහැර හැරීම, මිනී මැරීම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයට පත්ව සිට තමන්ව ඇප මත මුදා හරින මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම්වලට අදාළ ප්‍රතිවිරුද්ධ ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය අද දින ලබා දී ඇත.
මෙම පෙත්සම් අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේය.
එහිදී විනිසුරුවරයා විසින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන්ගේ නීතිඥවරුන්ට නියෝග කළේ මෙම නඩුවට අදාළ ප්‍රතිවිරෝධතා තිබේනම් ඒවා පෙබරවාරි 10 වනදා ඉදිරිපත් කරන ලෙසයි.
පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම, මිනිමැරීම සම්බන්ධයෙන් තමන් මේ වන විට මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර මහත්වරුන් සිය ප්‍රතිශෝධන පෙත්සම්වලින් කියා ඇත.
ඒ අනුව තමන්ට ඇප මත මුදාහරින ලෙස ඔවුන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.



