වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට

Share

වීසා නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයෙකු අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් අනුව පැවැත්වූ මෙහෙයුමක දී අකුරණ ප්‍රදේශයේ හෝටලකය රැඳී සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඉන්දියානු ජාතිකයාගේ වීසා බලපත්‍රයේ වලංගු කාලය 2019 මැයි මාසයෙන් අවසන්ව තිබී ඇති අතර එදා පටන් වීසා නොමැතිව මෙරට තුල රැඳී සිට තිබේ.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන වයස අවුරුදු 37 ක් පමණ වන මොහු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන්  අනතුරුව රුපියල් 1500ක දඩ මුදලක් ගෙවීමටත් සැකකරු ලංකාවෙන් පිටුවහල් කිරීමටත් නියෝග කර ඇත.

Read more

Local News