2020 වසරේදී ශ්‍රී ලංකා පොලීසියට උතුරු පළාතෙන් පොලිස් නිලධාරීන් 2000 ක් බඳවා ගැනීමට නියමිතව ඇති බව පොලීසිය පවසයි.
රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ උතුරු පළාත ඉලක්ක කර ගනිමින් රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන වැඩසටහනට සමගාමීව රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලක් යටතේ මෙය සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව පොලීසියට උප පොලිස් පරීක්ෂකවරු 200 ක්, පොලිස් කොස්තාපල්වරු 1400 ක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 400 ක් වශයෙන් නිලධාරීන් 2000 ක් පොලිස් සේවයට බඳවා ගැනීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබේ.
මෙම නවක නිලධාරීන් උතුරු පළාතේ තිබෙන පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණු කිරීමට නියමිතයි.



