සෞඛ්‍යය අමාත්‍යංශය විසින් අලෙවි කිරිම තහනම් කර ඇති එන්.සි නැමති මත් ද්‍රව්‍යය ටින් 91ක් සහ දුම්කොළ උපයෝගි කරගෙන නිෂ්පාදනය කර ඇති මත් ද්‍රව්‍යය පැකට් 278ක් අලෙවි කිරීම සඳහා ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඉන්දියාවෙන් මෙරටට නීති විරෝධි ලෙස ආනයනය කර ඇති මෙම එන්.සි නැමති මත්ද්‍රව්‍යය සහ දුම්කොළ උපයෝගි කරගෙන නිෂ්පාදනය කර ඇති මත්ද්‍රව්‍යය පැකට් පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීම සඳහා සැකකරුවන් කොළඹ ප්‍රදෙශයෙන් රැගෙන විත් හැටන් ප්‍රදේශයේ ඔවුන් පදිංචි නිවසේ සඟවා තිබෙන බවට ලද තොරතුරක් මත හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් මෙම වැටලිම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය ග්‍රෑම් 10 බැගින් කුඩා ටින් 91 ක අසුරා තිබු අතර දුම්කොල උපයෝගි කර ගනිමින් නිෂ්පාදනය කර ඇති මත්ද්‍රව්‍යයද කුඩා පැකට්වලට අසුරා තිබී ඇත.
ග්‍රෑම් 10 බැගින් වු මත්ද්‍රව්‍යය ටින් එකක් පාසල් ළමුන්ට සහ වතු කම්කරුවන්ට ඉතා අධික මිලකට සැකකරු විසින් කාලයක් තිස්සේ අලෙවි කරමින් සිට ඇති බවයි මෙම වැටලීම සිදු කළ සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පවසා ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍යයවල වටිනාකම රුපියල් අනුදහසක් පමණ වන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත් මෙම වැටලිම සිදු කළ හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරින් පවසා ඇත.



