පසුගිය කාලවකවානුව තුළ මහපොළ ශිෂ්‍යාධාර අරමුදලේ සිදුව ඇති මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණයක් සිදුකරන ලෙස දැනුම්දී ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව කියා සිටියේය.
මේ අතර එළඹෙන අයවැයෙන් අනතුරුව මහපොළ ශිෂ්‍යාධාර ඉහළ නැංවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.



