කටුනායකට හදිස්සියේ ගොඩ ගොඩ බැස්වූ ලයන් එයාර් යානයේ මළ සිරුරු 02 ක්

Share

සෞදි අරාබි ජෙඩාහි සිට ඉන්දුනීසියාවේ සුරබයා දක්වා පියාසර කළ තායිලන්ත ලයන් එයාර් ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අද (13) අළුයම හදිසියේම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබස්වා තිබේ.

 

මගීන් දෙදෙනෙකු අසනීපවු බව පවසමින් අද අලුයම 2.45 ට පමණ එම යානය ගොඩ බස්වා ඇත.

යානයේ සිටි අදාළ මගීන්ට ප්‍රථිකාර ලබා දීම සඳහා ගුවන් යානය එලෙස ගොඩ බස්වා තිබේ.

කෙසේ වෙතත් යානය ගොඩ බස්වා එම මගීන් දෙදෙනා වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කරන අවස්ථාවේදීත් ඔවුන් මිය ගොස් සිට ඇති බව වාර්තා වෙයි.

එලෙස මිය ගොස් ඇත්තේ ඉන්දුනිසියානු ජාතික 71 හැවිරිදි කාන්තාවක සහ 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

පරීක්ෂණවලින් අනතුරුව අදාළ සිරුරු මෙරට ඉන්දුනීසියානු තානාපති කාර්යාලයට භාරදීමට නියමිතයි.

එමෙන්ම ලයන් එයාර් ගුවන් යානයේ සිටි තවත් මගියෙකු රෝහල්ගත කර තිබෙන අතර ඔහුගේ තත්ත්වය ද බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.

Read more

Local News