පිලිපීනයේ ටාල් ගිනි කන්දෙන් ලාවා පිටවීම ආරම්භ වී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මේ හේතුවෙන් පැයක කාලයක් තුළ හෝ දින කිහිපයක් තුළ අනතුරුදායක පිපිරීමක් සිදුවනු ඇති බව එරට බලධාරීන් පවසයි.
පිලිපීනයේ මැනිලා නගරයට කිලෝමීටර් 70 ක් දුරින් ටාල්ගිනි කන්ද පිහිටා ඇති අතර එය එරට වඩාත් සක්‍රීය දෙවන ගිනි කන්ද වශයෙන් හඳුන්වනු ලබයි.
ගිනි කන්ද අවට සිටින පුද්ගලයින් 8000 ක පමණ පිරිසක් පදිංචි ස්ථානවලින් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.




