ඉදිරි දිනවලදී දිවයිනට වැසි රහිත කාළගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකිවුවත් දිවයිනේ ඇතැම් වෙරළ තීරවලට ඔබ්බෙන් වූ මුහුදුතීරවල සුළඟේ වේගය ඉහළ යාහැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ධීවර ජනතාව ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවිය යුතු බවයි.
දිවයින අවට ඇති මුහුදු තීරවල, විශේෂයෙන් මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා ඇති වෙරළ තීරයටත් ගාල්ලේ සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ තීරයටත් ඔබ්බෙන් ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු තීරවල සුළඟේ වේගය පැයට කි.මී 50-60 දක්වා වැඩි වීමක් අපේක්ෂ කළ හැකි බවයි ඒ මහතා පවසන්නේ.
මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන බවත් ඒ මහතා පැවසීය.
අද දින සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක සවස් කාලයේ වැසි ඇති වෙයි.
දිවයින හරහා විශේෂයෙන් වයඹ හා බස්නාහිර පළාත්වලත් හම්බන්තොට හා මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා වැඩි වෙන බවත් කාලගුණ අංශ පවසයි.



