කේරල ගංජා සමඟ කතක් අත්අඩංගුවට

Share

ඊයේ (12) කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් කේරල ගංජා තොගයක් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පලෙයි පොලීසිය පවසයි.

 

කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදී අදාළ කාන්තාව කේරල ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

සැකකාරිය කිසියම් පුද්ගලයෙකු වෙත ලබාදීමට ගංජා තොගය ළඟ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාරිය කිලිනොචිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Read more

Local News