චම්පිකගේ රියැදුරු අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කරන්න අවසර ඉල්ලයි

Share

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී ඇතිවූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින ඔහුගේ රියැදුරු දිලුම් තුසිත කුමාර නැමැත්තා මහේස්ත්‍රාත්වරිය හමුවේ ප්‍රකාශයක් සිදුකිරීම සඳහා අවසර ඉල්ලා තිබේ.

 

ඒ අනුව සිය නීතිඥවරයා සමඟ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරංජනා ද සිල්වා මහත්මියගේ නිල මැදිරියේ දී මෙම ඉල්ලීම සිදු කර තිබෙන බව වාර්තා වෙයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිලුම් තුසිත කුමාර නමැති මෙම සැකකරු ඉකුත් දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබුවේය.

Read more

Local News