කොළඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනාට ඇප

Share

ඉකුත් දා කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශ්වවිද්‍යාලයේ සිසුන් දොළොස් දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළාය.

 

ඒ අනුව එක් එක් සැකකරු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියම කළ මහේස්ත්‍රාත්වරිය සාමය කඩවන ආකාරයෙන් කටයුතු කිරීමෙන් වළකින ලෙස ද තරයේ අවවාද කළේය.

එමෙන්ම සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වළකින ලෙසත් එවැනි බලපෑමක් සිදුකළ බවට පැමිණිලි ලැබුණොත් ඇප අවලංගු කර නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකරන බව මහේස්ත්‍රාත්වරිය මෙහිදී සැකකරුවන්ට අවවාද කළේය.

නඩුව අද (14) කැඳවු ලැබූ අවස්ථාවේදී පොලීසිය විසින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ ශිෂ්‍යයා පිළිබඳ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කළේය.

එම වෛද්‍ය වාර්තා තුළින් සුළු තුවාල පමණක් දක්නට තිබෙන බව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ඇප මත මුදාහැරීමට නියම කළ අතර වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 24 වනදා කැඳවීමට ද නියම කළේය.

Read more

Local News