වේ‌ගෙන් ආ යතුරුපැදිය ‌ලොරියේ ගැටෙයි – තරුණයෙක් ජීවිතක්ෂයට

Share

හලාවත – පුත්තලම මාර්ගයේ බත්තුළුඔය ප්‍රදේශයේදී ඊයේ (13) රත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

නවතා තිබූ ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ‌පොලිසිය පවසයි.

අදාළ අනතුරින් තුවාල ලැබු තරුණයා රෝහලට රැගෙන යන අතරතුර මිය ගොස් ඇති බව උඩප්පුව පොලීසිය සඳහන් කරයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ මුන්දලම, බරනන්කට්ටුව පදිංචිව සිටි මාරසිංහ ආරච්චිගේ නෙරංජන තාරක මාරසිංහ නැමති 26 හැවිරිදි තරුණයෙක්.

රාත්‍රී ආහාරය ගැනීම සඳහා ලොරියේ පැමිණි පුද්ගලයින් මාර්ගය අසල ලොරි රථය නවත්වා ආපන ශාලාවකට ගොස් ඇති අතර එම අවස්ථාවේ දී අධික වේගයෙන් පැමිණ ඇති යතුරුපැදිය ලොරියේ පිටුපස ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළේය.

අනතුරට සම්බන්ධ ලොරිය පොලිස් බාරයට ගෙන ඇති අතර, එහි රියදුරුව අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News