ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (16) රාත්‍රී 07.00ට පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී රැස්විමට නියමිතයි.
පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා කියා සිටියේ, පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වර්තමාන දේශපාලන තත්ත්වය හා ඉදිරි මැතිවරණය ගැන අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.



