කාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි ඇත.
කාසල්රි ජලාශයේ වනරාජා වත්ත ප්‍රදේශයෙන් ජලාශ මායිමේ කිසියම් පිරිසක් විසින් තැබු ගින්නක් රක්ෂිතය පුරා පැතිර ගොස් තිබුණි.
කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සමඟ රක්ෂිතයේ තිබෙන ඉලුක් සහිත තෘණ වියළි ගොස් තිබෙන නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගොස් තිබුණි.
ජලාශ රක්ෂිතය හරහා වනරාජා වත්තේ වතු කම්කරු නිවාසවලට පානිය ජලය ලබා ගැනිම සඳහා එලා තිබු ජල නලද ගින්නෙන් විනාශ වි ඇත.
ජලාශ මායිමෙන් හටගත් ගින්න හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය දක්වා පැතිර ගොස් තිබු අතර පැතිර යමින් තිබු ගින්න පාලනය කිරිමට කිසිවෙකුත් ඉදිරිපත් වි නොමැත.
පවතින වියළි කාලගුණයත් සමඟ රක්ෂිත වලට ගිනි තබන අය වෙතොත් ඒ පිලිබදව ළගම පොලිස් ස්ථානය වෙත හෝ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත දැනුම් දෙන ලෙසත්, රක්ෂිත වලට ගිනි තබන අය අත්අඩංගුවට ගෙන
අධිකරණය වෙත ඉදිරිපත් කර නෛතික පියවර ගන්නා බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.






