අසර්බයිජානයේදී මියගිය සිසුවියන් තිදෙනොගේ දේහ දිවයිනට

Share

අසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ (15) දිවයිනට රැගෙන එනු ලැබීය.

 

මල්ෂා සංදීපනි, ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා සහ අමෝද්‍යා මදුහංසි අසර්බයිජාන්හි මියගොස් තිබුණේ ඔවුන් නවාතැන් ගෙන සිටි නිවසේ ඇතිවූ ගින්නකින්.

ගින්න නිවසේ විදුලි පරිපථයේ ඇති වු දෝෂයක් හේතුවෙන් හටගෙන තිබූ අතර එහි දුම ආග්‍රහනයවීමෙන් මෙම සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

මිය ගිය තිදෙනා අතර පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ පදිංචි සිටි සහෝදරියන් දෙදෙනෙකු ද වෙයි.

ඔවුන් අතරින් වැඩිමල් සොහොයුරිය වන මල්ෂා සංදීපනි 23 වැනි වියෙත් ඇයගේ සොහොයුරිය වන තාරුකි අමායා 21 වැනි වියේ පසු විය.

හෙට (17) පස්වරුවේ තුම්බෝවිල පොදු සුසාන භූමියේදී ඔවුන්ගේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

සිද්ධියෙන් මියගිය අනෙක් සිසුවිය වන 25 හැවිරිදි කඩුවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍යා මදුහංසිගේ දේහය ද ඊයේ රාත්‍රියේ නිවසට රැඟෙන ආවේය.

ඇයගේ අවසන් කටයුතු එලැඹෙන සෙනසුරාදා කඩුවෙල බෝමිරිය පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

Read more

Local News