නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා අද දිවයිනට

Share

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට සංචාරයක නිරත වන්නේ වසර 15කට පසු වීම විශේෂත්වයකි.
ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සංචාරය තුළදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු බැහැදැකීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

Read more

Local News