නීති විරෝධී ගංජා පාර්සලයක් ළඟ තබාගෙන සිටි වියලුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු සහ තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ
අදාල සැකකරුවන් අද (17) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලීසිය සඳහන් කළේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 18 හැවිරිදි පාසල් සිසුවෙකු සහ අවුරුදු 29ක තරුණයෙකි.
ඔවුන්ගේ හැසිරීම සම්බන්ධයෙන් සැක සිතූ පොලීසිය ඔවුන් පරීක්ෂා කිරීමේදී ඔවුන් සතුව තිබූ ගංජා හමුවී ඇත.
කන්දකැටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



