නාඋල යතුරුපැදි අනතුරකින් කතක් ජිවිතක්ෂයට

Share

නා‍උල පොලිස් වසමේ යාපනය-මහනුවර මාර්ගයේ උඩුදෙණිය විහාරස්ථානය අසලදී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

නාඋල දෙස සිට මාතලේ දෙසට ධාවනය වු යතුරුපැදියක් අනතුරට ලක්වී එම යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා ලබා තිබේ.

පසුව නාලන්ද රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතලේ රෝහලට මාරුකර යැවීමේ දී පසුපැදිකාරිය මියගොස් ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 53 ක් වු කොටුවේ ගෙදර, මාතලේ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය මාතලේ රෝහලේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News