ප්‍රාථමික පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම අධිකරණ තීරණය සමාලෝචනය කොට අදාළ ශිෂ්‍ය සංඛ්‍යාව හතළිහක් දක්වා වැඩිකර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබාගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් 2020/01/02 දින ඉදිරිපත් කරනු ලැබූ පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ප්‍රාථමික පන්තීන් සඳහා ගුරු සහායකයින් බඳවා ගැනීමේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ජාතික ප්‍රතිපත්තියට අනුව, ප්‍රාථමික පන්තිභාර ගුරුවරයාට මෙතෙක් තිබූ පීඩනය සහ කළමනාකරණයේ අපහසුතාවයන් අවසන් වනු ඇති බවද එම නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
ශිෂ්‍ය සංඛ්‍යාව 35 සිට 40 දක්වා වැඩිකිරීමේ තීරණයට පසුබිම නිර්මාණය වන්නේ ද මෙම ගුරු සහායකයින් පත්කිරීමේ ප්‍රතිපත්තිමය තීරණයක් මත බව එහි වැඩිදුරටත් දැක්වෙයි.
අදාළ නීතිමය කටයුතු අවසන් වූ පසු දැනට රට පුරා දෙමව්පියන් තම දරුවන් වෙනුවෙන් මුහුණ දී ඇති තවත් දුෂ්කරතාවක නිමාව සටහන් කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ විශ්වාස කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙයි.



