වැස්සේ වැඩිවිමක්

Share

අද (21) සහ හෙට (22) දිනවලදී විශේෂයෙන් දිවයිනේ, නිරිත දිග කොටසේත් නැගෙනහිර, උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

නැගෙනහිර, ඌව සහ උතුරු-මැදපළාත්වලත් හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ප.ව.2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සබරගමුව පළාතෙත් කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී.75 වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මන්නාරම, පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News