අද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව රැස්වෙයි

Share

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද (21) දිනයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

 

08 වන පාර්ලිමේන්තුවේ හතර වන සභාවාරය සඳහා පත් කෙරෙන තේරීම් කාරක සභාවේ සාමාජිකයින් මේ වන විට නම් කර ඇති බව සඳහන්.

කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් 17 දෙනෙකු ඇතුළත් ‌වෙයි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තේරීම් කාරක සභාව සඳහා චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන අය නම් කර තිබේ.

ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජා, විපක්ෂය නියෝජනය කරමින් තේරීම් කාරක සභාවට නම් කර ඇති බව පාර්ලිමේන්තුව සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම තේරීම් කාරක සභාව විසින් සිදුකරනු ලබයි.

ඒ අනුව තේරීම් කාරක සභාවේ පළමු රැස්විම අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතයි.

Read more

Local News