වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

Share

ආඩිගම – නාගවිල ප්‍රදේශයේ දී අද (21) අළුයම වන අලියෙකු පහර දීමෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

 

වන අලි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ නාගවිල ප්‍රදේශයේ පදිංචිව සිටි ගාමිණී ගුණවර්ධන නැමැති වයස අවුරුදු 65ක අවිවාහක අයෙකි.

මෙම පුද්ගලයා වට්ටක්කා වගාවක් කරගෙන ගොස් ඇති අතර එම වගාව රැක ගැනීම සඳහා ආසන්නයේ කුඩා පැලක් සාදා ගෙන ඔහු එහිම පදිංචිව සිට තිබේ.

රාත්‍රී කාලයේ පැමිණ ඇති වන අලියා දැක ඔහු තමා සිටි ස්ථානයෙන් පිටතට පැමිණි අවස්ථාවේ ප්‍රහාරය එල්ල වූ බව සිද්ධිය ඇසින් දුටු ඒ ආසන්නයේ සිටි අයෙක් කියා සිටියේය.

Read more

Local News