අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසියේ සේවය කරන පොලිස් සැරයන්වරයෙක් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද (21) දින පැල්මඩුල්ල අධිකරණය ආසන්නයේදී අදාළ පොලිස් සැරයන්වරයා විසින් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
අදාළ සැකකාර පොලිස් සැරයන්වරයා පැල්මඩුල්ල පොලීසිය වෙත රැගෙන ගොස් ඇති අතර අද බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



