ගංජා සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

චාවකච්චේරිය පොලිස් වසමේ මරවන් පූලෝ ප්‍රදේශයේ දී ගංජා කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 55 ක් සමඟ සැකකරුවෙක් අත්අංඩගුවට ගෙන තිබේ.

 

විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27 ක් වු මරන් පූලෝ මධ්‍යම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙයි.

සැකකරු අද (21) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර චාවකච්චේරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News