පිටකොටුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
පිටකොටුව පොලීසිය විසින් පිටකොටුව රෝහිණී පටුමඟ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 66 ක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අම්බලන්ගොඩ සහ පිටකොටුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.
ඔවුන් අද (22) මාළිඟාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.



