කාන්තාවකගේ හිසට බඹර කුඩුවක් කඩා වැටෙයි – බරපතලව තුවාල ලැබු කාන්තාව රෝහලට

Share

තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් මතට බඹර කුඩුවක් කඩා වැටිමෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවක් දික්ඔය මුලික රෝහල වෙත අද (22) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පැවසිය.

 

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කැඩිම සඳහා උකුස්සෙකු පහර දි ඇති අතර, උකුස්සාගේ පහර දිමත් සමඟ බඹර කුඩුව කැඩි ගසට පහලින් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරු කාන්තාවක් මතට බඹර කුඩුව කඩා වැටි බඹරුන් ඇවිස්සි එම කාන්තාව ඇතුළු තවත් වතුකම්කරු කාන්තාවන් කිහිපදෙනෙකුට පහර දි ඇති බවයි පොලිසිය පැවසුවේ.

බඹර කුඩුව හිස මතට කඩාවැටිමෙන් බඹරුන් පහර දිම නිසා තුවාල ලැබු කාන්තාවගේ බරපතල බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පැවසිය.

මධ්‍යම කදුකරය ආශ්‍රිතව මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග තේ පදුරු මත සහ තේ වතු යායවල් වල පිහිටි විශාල ගස් මත බඹරුන් විශාල වශයෙන් කුඩු බැද ඇත.

එම බඹර කුඩුවල බඹර වද මත පැණි තිබෙන නිසා උකුස්සන් විසින් බඹර වද කැම සදහා දැඩි රුචිකත්වයක් දක්වන බවත්, ඉතා වේගයෙන් ඉගිලි එන උකුස්සා බඹර වදය කඩාගෙන ඉගිලි යන බවයි පරිසරවේදින් කියා සිටියේ.

තේ වතු ආශ්‍රිතව බැද තිබෙන බඹර කුඩු නිසා තේ වතු ආශ්‍රික රැකියා කිරිමේ අවධානමක් පවතින බවත්, බඹර කුඩු ඉවත් කිරිමට වතු පාලන අධිකාරිය මගින් වැඩ පිලිවෙලක් දියත් කල යුතු බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.

Read more

Local News