කොළඹ සිට යාපනය බලා ධාවනය වු සුඛෝපභොගී වෑන් රථයක් යාපනය නාවට්කුලි ප්රදේශයේ දී අද (22) අලුයම පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත.
මීදුම් තත්ත්වය හමුවේ වෑන් රථය පෙරළි ගොස් ඇති අතර වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසූවේ.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන අතර, ඔවුන් යාපනය රෝහලට ඇතුළත් කොට ඇති බවද පොලීසිය පැවසීය.
චාවකච්චේරි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



