පැල්මඩුල්ල පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අසල දී පවතින නඩුවක පැමිණිලි මුල් පිටපත් හා සාක්ෂි සම්පිණ්ඩන වාර්ථාවක් ලබාදීම වෙනුවෙන් පුද්ගලයකුගෙන් රුපියල් 50000ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේ දී කොළඹ අල්ලස් හෝ දූෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඊයේ (21) පස්වරුවේ බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු බළන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කර ඇත්තේ සැකකරු පෙබරවාරි 03 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.