කරාඬුගල, පිටකුඹුර ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඊයේ (23) රාත්‍රි 08.30ට පමණ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයන් දෙදෙනෙකු බිබිල රෝහලට ඇතුළත් කර තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇති බව කරාඬුගල පොලීසිය පවසයි.



