Home දේශීය පුවත් පාපුවරුවෙන් වැටී අයෙක් ජිවිතක්ෂයට

පාපුවරුවෙන් වැටී අයෙක් ජිවිතක්ෂයට

0
පාපුවරුවෙන් වැටී අයෙක් ජිවිතක්ෂයට

කොළඹ – හලාවත මාර්ගයේ කටුනායක 18 කණුව මාර්ග බාධකය ඉදිරිපිට දී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයකින් එහි මගියෙකු බැසීමට උත්සාහ කිරීමේ දී පාපුවරුවෙන් ඇද වැටී එම බස් රථයටම යටවී අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබු පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මන්දාරම් නුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි අයෙකි.

අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුනායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here