ගිනිගත්හේන කළුගල සිංහල මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් 41 දෙනෙකු ආහාර විෂ විමක් හේතුවෙන් ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පැවසීය.
එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුවියන් 11 දෙනෙකු සහ සිසුන් 30 දෙනෙකු මෙලෙස රෝහල් ගත කර ඇති බව පොලීසිය පැවසීය.
අසාත්මිකතාවය, උදරයේ දැවිල්ල සහ වමනය යන රෝග ලක්ෂණ ඇතිව අද (31) උදැසන 9.30ට පමණ මෙම සිසුන් පිරිස රෝහලට ඇතුළත් කළ බව ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරිවරයා පැවසීය.
ඉකුත් 28 දින එම පාසලේ පැවති වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවයේදි ළමුන්ට ආහාරය සඳහා මාළු බනිස් ලබා දි ඇති අතර, එම මාළු බනිස් ආහාරයට ගත් ළමුන් වරින් වර කිහිප දෙනෙකු මෙසේ අසනිප වු බවත්, අද දින වන විට පාසලේ සිසුන් විශාල පිරිසක් එක්වර රෝගාතුර වි ඇති බවත් වාර්තා වේ.
රෝහල් ගත කළ සිසු සිසුවියන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.



