ඌව පරණගම මලපොල රක්ෂිතය ආසන්නයේ පිහිටි රජයේ පයිනස් වගාවක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන ඇති බවට වාර්තා වේ.
මෙම ගින්නෙන් අක්කර 25ක් පමණ විනාශ වී ඇත.
සතුන් දඩයම් කිරීමට හෝ වෙනත් කටයුත්තක් සඳහා කිසියම් පිරිසක් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි සැක පළ කරයි.
පවතින වියළි කාළගුණය සහ සුළං තත්වය හේතුවෙන් ගින්න පැතිර යාම පාලනය කිරීම අපහසු වී ඇති බව සඳහන්.



