වනඅලි පහරදිමකින් වනජීවි නිලධාරියෙකු මරුට

Share

වනඅලියකු ඇල්ලිමට ගොස් සිටි වනජීවි අඩවි සහකාරවරයකු කළාඔය කුඩා බෙල්ලගෙකඩවල ප්‍රදේශයේදී ඊයේ (30)  වනඅලි ප්‍රහාරයකින් මරණයට පත්වි ඇත.

 

මෙසේ මරණයට පත්වි ඇත්තේ පුත්තලම නගරයේ පදිංචිව සිටි පී.එම්.ඒ.ඩි.වෙන්දකඩුව නැමති 57 හැවිරිදි දෙදරු පියෙක්.

කළාඔය අඩවියට අයත් කුඩාබෙල්ගෙකඩවල ප්‍රදේශයේ කුඩා ගල්ගෙ විහාරය පසුපස දරුණු වනඅලියෙකු ඇල්ලිමේ මෙහෙයුමක නිරත වි සිටියදි එම වනඅලියාගේ ප්‍රහාරයට ලක්වි අඩවි සහකාරවරයා මරණයට පත්වි ඇත.

අදාළ වනඅලියා වනජීවි නිලධාරින් විසින් නිර්වින්දනය එන්තත් කර නිර්වින්දනය කර ඇති අතර ඉන්පසුව මෙම අලියා පාද හා දැත් කඹ ආධාරයෙන් ගැට ගැසිමට සුදානම් වන අවස්ථාවේ එකවරම අලියා අඩවි සහකාර වරයාට පහරදි පගා ඇති බව සඳහන්.

කෙසේ නමුත් නිර්වින්දන එන්නත් ශරිර ගතවිමෙන් පසුව අලියා නිහඬව සිටිමත් සමග අලියා නිර්වින්දනය වි ඇති බවට වනජීවි පශු වෛද්‍යවරයා නිගමනය කිරිමෙන් පසු කඹ යොදා ගනිමින් ගැට ගැසිම සිදු කරන අවස්ථාවේ දි මෙම පහරදිම කර ඇති බව වාර්තා වේ.

වනඅලියාගේ බරපතළ ප්‍රහාරයට ලක්වු වෙන්දකඩුව මහතා තඹුත්තේගම රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්වි සිටි බව වනජීවි නිලධාරින් පවසයි.

Read more

Local News