ගාල්ල වරාය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අක්මීමන පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදි ඔහු සතුව තිබී විදෙස් දුම්වැටි 8360ක තොගයක් සොයාගෙන ඇතිි බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල වරාය පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසීය.



