මාරාන්තික කොරෝනා නිසා මියගිය ගණන 300 ඉක්මවයි

Share

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින අතර අද වන විට එම අගය 304ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයින් 1921 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බවයි චීන මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 14 000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර චීනයෙන් පිටතදී හඳුනා ගත් රෝගීන් සංඛ්‍යාව 100කට ආසන්නයි.

මාරාන්තික නව කොරෝනා වෛරසය සොයා ගැනුණු චීනයේ හුබේ පළාතේ වූහාන් නගරය වසා දමා අදට දින 11 ක්.

මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ වෛරසයේ තිඹිරි ගෙය ලෙස සැළකෙන වූහාන් නගරය අයත් හුබෙයි පළාතෙන්.

ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා රටවල් චීනයේ සිට පැමිණෙන පුද්ගලයින්ට සිය දේශසීමා වසා දැමීමට දැනටමත් පියවර ගෙන අවසන්.

Read more

Local News