චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඊයේ (01) රාත්‍රියේ සහ අද (02) අලුයම පැමිණ ඇති බව සඳහන්.
ඔවුන් ඊයේ රාත්‍රී 8.45 එයා චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද, අද දින ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් වන අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 63 ක් සහ අලුයම 5.40 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් 77 ක් වශයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා, ඔවුන්ට කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නැති බැවින් ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර තිබෙන බව වාර්තා වේ.



